චෙස්වලින් දස්කම් පෑ ගේට්වේ විද්‍යාලයේ විශිෂ්ටයෝ

0
61

ගේට්වේ විද්‍යාලයේ ජේ‍යෂ්ඨ චෙස් පුහුණුකරු වන ඉසුරු අලහකෝන් සහ නබිල් නසාර් මොහොමඩ්  හා බි්‍රජීෂ් සරවනභවන් සිසුන් දෙදෙනා පසුගියදා පැවැති 2022 ශ්‍රී ලංකා ජාතික (ප්‍රමුඛ පෙළ) චෙස් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ. කණ්ඩායමක් ලෙසින් තරග වදිමින් ඔවුන් තිදෙනා මෙලෙසින් විශිෂ්ටතා පෙන්වූයේ තරගාවලියේ ස්වර්ණ ජයන්තිය සමරන වසරේදී වීම විශේෂත්වයකි.

සිවු වරක් ජාතික චෙස් ශූරයා වූ ඉසුරු ලකුණු අටක් ලබා ගනිමින් වැඩිම සමාන ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතරින් දෙවැනි ස්ථානය ලබා ගත්තේය. ඔහු අතින් පරාජයට පත් වූයේ, එස්.එම්.එච්.ඩී. සත්කුමාර, මාලන් ප්‍රනාන්දු, මලිත් මදුශංඛ, එස්. සිවතනූජන්, ඔෂීන් ද සිල්වා, කේ.ජී.එස්.ටී.ඩී. කිරිඇල්ල සහ ලිසාර තෙන්නකෝන් යන ප්‍රතිවාදීන් වන අතර, චන්දන විජේකෝන් සහ ධනුෂ්ක බණ්ඩාර සමඟ පැවැති තරග ජය පරාජයෙන් තොරව අවසන් විය. ඉසුරු පරාජයට පත් වූයේ, සම ලකුණු අටක් ලබාගෙන මෙවර ශූරතාව දිනූ එස්.ඩී.බී.කේ. සෙනෙවිරත්නට පමණි.

මෙම තරගාවලියේදී ගේට්වේ විද්‍යාලයීය ශිෂ්‍ය නබිල් ජය ගත්තේ ඉ¾දුවර විජේවික්‍රම, චමින් විතානගේ, ඕ.එල්.බී. යටවර, ආර්.එම්.අයි.එස්.ඒ. රත්නායක, අචින්ත ෂමේන් කළුආරච්චි, සිතිජ ළහිරු සහ එස්.ඩී.බී.කේ. සෙනෙවිරත්න යන ප්‍රතිවාදීන්ට එරෙහිවයි. බී. ජනුක්ෂන් සහ බි්‍රජීෂ් සරවනභවන් සමඟ පැවැති තරග ජය පරාජයෙන් තොරව අවසන් කළ ඔහු ලකුණු අටක් ලබා වැඩිම සමාන ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරින් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

ගේට්වේ විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු බි්‍රජීෂ් ද මෙතෙක් තරගාවලියකදී ඔහු දැක්වූ ඉහළම දස්කම් දැක්වීමට සමත් වූයේ ඉහළම සමාන ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරට එක්ව අවසානයේදී සිවුවැනි ස්ථානය දිනා ගනිමිනි. ඔහු අතින් පරාජයට පත් වූ ප්‍රතිවාදීන් වූයේ, වින්සිත් පෙරේරා, රමිරු ගුණවර්ධන, යසන්ත ජයවීර, කෙවින් රනි¾දු සිල්වා, එන්.පී.ජී. සිතිජ ළහිරු, එම්.එන්. අබ්දුල් බාසිත් සහ එලත් මාතංග ද සිල්වා යන අඵයි. ලිසාර තෙන්නකෝන් හා නබිල් නසාර් මොහොමඩ්  සමඟ පැවැති තරග ජය පරාජයෙන් තොරව අවසන්ය කළ ඔහු පරාජය වූයේ චන්දන විජේකෝන්ට එරෙහිව පැවැති තරගයේදී පමණි.

සමාන වැඩි ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් සිටිමින් එස්.ඩී.බී.කේ. සෙනෙවිරත්න සමස්ත ශූරයා බවට පත් විය.  රු. 140,000ක ත්‍යාග මුදලක් ඔවුන් සිවුදෙනා අතර බෙදී ගියේ රු. 35,000 බැගිනි. 

කොවිඩ්  වසංගත සමයේදී ගේට්වේ විද්‍යාලයේ සහෝදර ක්‍රීඩකයන් සමඟ අඛණ්ඩව මාර්ගගතව පැවැත්වූ තම පුහුණු වීම් නිසා මෙම ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකි වූ බව ඉසුරු, නබිල් හා බි්‍රජීෂ් පවසති. තිදෙනාම මේ වන විට මෙරට ප්‍රමුඛතම චෙස් ක්‍රීඩකයන් 14 දෙනා අතරට එක්ව සිටින අතර, 2022 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතා තරගාවලියේ අවසන් අදියරේදී ඔවුන් තරග වැදීමට නියමිතයි.