චම්පිකගේ 43 සේනාංකය එජාපයට එකතු වෙයි

0
29

එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ්  පිටියේදී පසුගිය 25 වැනිදා පැවැත් වූ සත්‍යග්‍රහ විරෝධතාවට 43 වැනි සේනාංකය ද සම්බන්ධ විය.

43 වැනි සේනාංකය නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කරු පරණවිතාන ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ.

43 වැනි සේනාංකයේ තරුණ සංවිධානය මොරටුවෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනක් ද මීට සමාන්තරව සංවිධානය කර තිබිණි.

කළු පැහැති ඇඳුමින් සැරසී පා ගමනින් පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කරු පරණවිතාන ඇතුළු විරෝධතාකරුවෝ පිරිසක් දෙහිවලදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව හයිඩ්  පිටියේ පැවැති එ.ජා.ප. සත්‍යග්‍රහයට සුදු පැහැති ඇඳුමින් සැරසී සම්බන්ධ වූහ. 

‘අ¾දුරු අනාගතය පහන් කරන්නට’ මැයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මෙම සත්‍යග්‍රහය එජාප සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු පක්ෂ නායකත්වයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.

ජනතා ප්‍රශ්නවලට විස¾දුමක් ලැබෙන තුරු සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වමින් ජනතා දුක  ආණ්ඩුවට කියන බව එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එජාප සත්‍යග්‍රහයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.