ඇමැති මණ්ඩලයට එරෙහිව නීතිඥ සංගමයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

0
34

කමල් මහේන්ද්‍ර වීරරත්න

රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ගොනු කිරීමට ශ්‍රී  ලංකා නීතිඥ සංගමය පියවර  ගෙන ඇත.

නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, නියෝජ්‍ය සභාපති අනුර මැද්දෙගොඩ, ලේකම් රජීව් අමරසූරිය, භාණ්ඩාගාරික රංජිත් පෙරේරා, උප ලේකම් පසිඳු සිල්වා යන අයවලුන් විසින් මෙම පෙත්සම් දෙක ගොනුකරනු ලැබූහ.

අමාත්‍ය මණ්ඩලයත් මහා භාණ්ඩාගාර ලේකම් හා මහ බැංකු අධිපතිවරයාත් ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව හා නීතිපතිවරයාද මෙම පෙත්සම් මඟින් වගඋත්තරකරුවන් කොට ඇත. පවත්නා වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වගකිවයුතු බවත්, ඔවුන්ගේ යම් ක්‍රියාමාර්ග ගැනීම් හා සුදුසු ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවන්හිදී නොගැනීම මඟින් මෙම අර්බුදකාරි තත්ත්වය නිර්මාණය වූ බවත් ඔවුන් සිය පෙත්සම් මඟින් ප්‍රකාශ කරන අතර මෙමඟින් තමන්ගේත් රටේ පොදු මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවත් ඒ බවට ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදෙමින් වෙනත් සුදුසු පියවරයන් නියම කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.