රට හදන තැනරට හදන තැන

0
94

සියලුම ප්‍රබල  දේශපාලන පක්ෂ සර්වපාක්ෂික සමුළුවට නොඒම අවාසනාවක් : රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා

“අපේ රටේ ඉතිහාසයේ මීට පෙර මම දැකලා නැති සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ රටේ පක්ෂ ගණනාවක් එකට එකතුවෙලා ආර්ථික කළමනාකරණය ගැන සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ආරම්භ කිරීම. අවාසනාවට වගේ මේ සර්ව පාක්ෂික සමුළුවට රටේ සිටින සියලුම ප්‍රබල දේශපාලන පක්ෂ සහභාගි වෙන්නේ නැතැයි” නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා පැවැසීය. 

මෙතැනදී අපි අගය කරන්නට ඕන ජනාධිපතිවරයා තමුන් සියල්ල දන්නවා කියන්නේ නැතිව ඉතාමත් නිහතමානීව රටේ සියලුම පක්ෂවලට එකට එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න කියලා ආරාධනා කිරීම ගැන.

අද විවාදයේදීත් මත කිහිපයක් ඉදිරිපත් වුණා. අපි සියලු දේවල්ම පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා කරල විස¼දා ගන්නට පුළුවන් කියලා. නමුත් ඇත්තටම යථාර්ථය ඒක නෙවෙයි. මොකද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට විවිධ ප්‍රතිපත්ති තියෙනවා. බොහෝදුරට ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඒ පක්ෂ මතය වෙනුවෙන්ම පෙනී සිටිනවා. අවසානයේදී සම්මුතියක් ඇති වෙන්නේ නැහැ.

ඉතිං මෙවැනි තත්ත්වයක් යටතේ මෙවැනි සර්වපාක්ෂික සමුළුවක් හරහාවත් මේ රටේ ආර්ථිකය ගැන යම්කිසි විවාදයක් ඇතිවෙලා අවසාන සම්මුතියකට එන්න පුළුවන් වුණොත් මේ රටේ අනාගතයට ඒක යහපත් තත්ත්වයක් වෙයි කියලා අපි හිතනවා.

මේ සාකච්ඡාව හරහා අවසානයේදී අපි එකඟ වෙන්න ඕනේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් වැදගත් වන මූලික කරුණු කාරණා කිහිපයක් පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක්. 

බදු ප්‍රතිපත්ති, විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳ, වෙළෙඳ ප්‍රතිපත්ති, අපනයනය වර්ධනය කර ගැනීමට, ණය ප්‍රතිපත්ති පිළිබඳ මේ දේවල් තමයි අපි සාකච්ඡා කරලා එකඟ වෙන්න පුළුවන් නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපේ රටේ අනාගතය සඳහා දීර්ඝ කාලීනව ඒක යහපත් වෙනවා කියලා මම විශ්වාස කරනවා.” 

අර්බුදයේ තරම තේරුම් නොගෙන සන්දර්ශන පැවැත්වීමෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ : තිස්ස අත්තනායක

“රටේ දැනට පවතින ආර්ථික අර්බුදයේ යථාර්ථය අපි තේරුම් නොගෙන මේ සඳහා සන්දර්ශන පැවැත්වීම හෝ නැතිනම් මේ පිළිබඳ දේශපාලන කතා කීම ප්‍රයෝජනවත් නොවන බව තමා සිතනවා” යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවැසීය.

අපට තියෙන පළවැනි අර්බුදය තමයි ඩොලර් පිළිබඳ ගැටලුව. විශේෂයෙන්ම සංචිත හිඟවීමේ මූලික ගැටලුව. දැන් මේ ගැටලුව විස¼දා ගැනීම සඳහා ආණ්ඩුවට යම් ආකාරයක විසඳුමක් තියෙන බවක්වත් පෙන්වන්න හැකියාවක් නැති බව ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕන.

ඩොලර් අර්බුදය විස¼දා ගැනීම සඳහා අපට ක්‍රියා කිරීමට තියෙන්නේ කාරණා කිහිපයක් විතරයි. අපනයන ආදායම, විදේශ ප්‍රේෂණ, සංචාරක ආදායම, විදේශ ණය ආධාර, විදේශ ආයෝජන, බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හරහා විදේශීය උපයන මුදල්.

දැන් මේ කාරණාව යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා උපාය මාර්ගික පියවරකට නොගෙස් අපිට මේ අර්බුදය විස¼දා ගැනීම සඳහා කුමන ආකාරයකින්වත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.

අපේ ප්‍රධාන අපනයන ආදායම වන ඇඟලුම් නිෂ්පාදනයට අනතුරුදායක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ට්ඒර්ථී+  සහනය පිළිබඳව තියෙන අනතුරුදායක තත්ත්වය. ඒ පිළිබඳ යුරෝපා සංගමය මේ වන විටත් යම් ආකාරයක අනතුරු ඇඟවීම් කරමින් තිබෙනවා.

එදා විපක්ෂයේ සිටි අපට කතා කරන්නවත් අයිතිය දුන්නේ නැහැ  : රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

“අද මේ ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන වෙලාවක, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයේ නිර්මාතෘවරු වන්නේ තමුන්නාන්සේලා” යැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය.

අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කාලයේ අඩුම ගානේ මේ රටේ පවතින ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපිට අදහස් ප්‍රකාශ කරන්න දුන්නේ නැහැ. ඔබතුමන්ලා අඩුම ගානේ අපිට පාර්ලිමේන්තුවේදී කතා කිරීමේ අයිතිය දුන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන්න දුන්නේ නැහැ.

මතක තියා ගන්න අපිට මේ රටට හංගන්න දේවල් නැහැ. ඔබතුමන්ලා කළ ගොඩක් දේවල් හංගන්න තියෙනවා.

මේ රටේ මහ බැංකුවට කීර්තිමත් ඉතිහාසයක් ගෙනාවේ බලයට ඇවිත් දවස් 27ක් යද්දී ඒක මංකොල්ලකාලා, ඊළඟට ඒ අවුරුද්දෙම ජුනි මාසයේ දෙවැනි වරටත් මංකොල්ල කාලා ඒ සල්ලිවලින් මේ හැමෝම ඡන්දය කළේ. ලොරිවලින් ගෙනිහිල්ලා තමයි මේ අයට සල්ලි බෙදුවේ. 

මෙයාලා ඡන්දය කළේ මහ බැංකුවෙ මංකොල්ල කාලා මේ රටේ පොලී අනුපාතිකය වැඩි කරලා, අපි වෙනත් රටවලට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි කරලා තමයි. 

ඔබතුමන්ලා අපිට ඇඟිල්ලක් දික් කරද්දී ඇඟිලි කීයක් ඔබතුමන්ලාට දික් වෙලා තියෙනවද කියලා අමතක කරන්න එපා.

හතරගාතෙන් වැටී  ණය ඉල්ලන ආණ්ඩුව කොන්දේසිවලට ඉබේම හිරවෙලා : කබීර් හෂීම්

“ලෝකයේ රටවලට ගිහින් ආණ්ඩුව හතරගාතෙ වැටී ණය ඉල්ලද්දී එම රටවල කොන්දේසිවලට ලංකාවට ඉබේම යටත් වීමට සිදුවා” යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි කබීර් හෂීම් පැවැසීය.

“ජාතික ආර්ථිකය වගේම ජාතික ආරක්ෂාව පාවාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තියෙනවා. ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්වෙලා. ආණ්ඩුව හරියට විනිවිදභාවයෙන් කටයුතු නොකිරීම තුළ ජාතික ආරක්ෂාව අනතුරේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හිටි ගමන් ඉන්දියාවට යනවා. ඩොලර් මිලියන 500ක් හතරගාතේ වැටිලා ඉල්ලනවා. හැබැයි අපි දන්නේ නෑ ඒ ඉල්ලීම මොන කොන්දේසිවලට යටත්වද කළේ කියලා. ඉන්දියාව අපිට උදවු කිරීම ගැන අපි මේ මොහොතේ කෘතවේදී වෙනවා. අපිට උදවු කරන්න විවිධ  රාජ්‍යයන් ලෑස්තියි. නමුත් ආණ්ඩුවේ හැසිරීම ඊට බලපානවා. රට පහත්ම තැනට තල්ලු කරලා. හතර ගාතේ ගිහින් උදවු ඉල්ලද්දී වෙනත් කොන්දේසිවලට ඇත්තටම අපිට යටත් වෙන්න වෙනවා.

ගෝඨාභය මහත්තයා ජාතික ආරක්ෂාව ගැන එදා සහතික වුණාට ජනතාවට ජාතික ආරක්ෂාව සපයන්න බැරිවෙලා තිබෙනවා. ඩොලර් කෝටි ගානක් වටිනා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය හා සාම්පූර්, යාපනයේ ඉඩම් විදුලි බලාගාර දෙකම ඉන්දියාවට ලබාදීමට යනවා. මුහුදු තීරය ගුවන් තලයේ අධීක්ෂණ ව්‍යාපෘතියකට ඉන්දියාවට ලංසු තැබීමකින් තොරව ලබාදෙන්නත් හදනවා. ලංකාවේ අයගේ ජීව දත්ත තොරතුරු ඩිජිටල් කිරීමටත් ඉන්දියානු සමාගමකට දීලා තිබෙන බව අපට වාර්තා වෙනවා. මේවා ජාතික ආරක්ෂාවට ඉතා හානිකරයි. ප්‍රශ්නය තියෙන්නේ චීනයේ ඉන්දියාවේ නෙවෙයි මේ ආණ්ඩුව එක්ක. ආර්ථිකය වැටීම වගේම ජාතික ආරක්ෂාව පළුදුවීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය අරගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ. ඒ ඩොලර් බිලියන 2.5ක් 2007  වසරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් අපි අපේ ඔක්කොම අයිතීන් පාවාදෙන්න ඕනෑ නැහැ.”

දැන් ඉන්නේ පාර්ලිමේන්තුව  සත පහකට ගණන් නොගන්නා මුදල් ඇමැතිවරයෙක් : විජිත හේරත්

මෙතරම් ආර්ථික ව්‍යසනයක් රටේ තිබියදී මුදල් ඇමැති පාර්ලිමේන්තුව සත පහකට ගණන් ගන්නේ නැති බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් චෝදනා කළේය.

“ආණ්ඩුව රටේ අර්බුදයට තවම විස¾දුමක් හොයල නෑ. මුදල් ඇමැති පාර්ලිමේන්තුවට වගකියන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන්  වාර්තාවක් අපි ඉල්ලුවා. ඒ ගැන ඩ්‍රාෆ්ට්  ලේඛනයක් තියෙනවා කියලා බැසිල් කිව්වා. ඒකත් දෙන්න බැහැලු. ඒක කියන්නෙත් ජනාධිපති ගෝඨාභය ජනාධිපති කාර්යාලයේ ඉඳලා. අද අපි කතා කරන්නෙත් පනතක් ගැන. හැබැයි අදත් මුදල් ඇමැති පාර්ලිමේන්තුවේ නෑ. වගකියන්නේ නෑ. මෙතරම් ව්‍යසනයක් රටේ තිබියදී මුදල් ඇමැති පාර්ලිමේන්තු සත පහකට ගණන් ගන්නේ නෑ. ජනාධිපති අයියගේ බලතල පාවිච්චි කරලා පාර්ලිමේන්තුව ගණන් ගන්නේ නෑ. රටේ ආර්ථික අර්බුදයේ බදු ප්‍රතිපත්ති සංශෝධනය ගැන මූලික වගකීමක් මුදල් ඇමැතිට  තියෙනවා. ආණ්ඩුව දිගටම  කියනවා කිසිම කොන්දේසියකට යටත් වෙන්නේ නෑ කියලා. 

ඉන්දියාවට ගිහිල්ලා සල්ලි ගේනකොට චීන සල්ලි ගේන කොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනකොට කිසිම කොන්දේසියකට යටත් වෙන්නේ නැහැ කිව්වා. නමුත් ජනවාරි 3 වැනිදා ඉතා පැහැදිලිවම මුදල් ඇමැතිවරයා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා රහසිගත නිසා එළියට දෙන්නේ නෑ කියලා. අපි ඒ රහසිගත යෝජනා දැනගන්න ඕනේ. මුදල් ඇමැතිට ඒව තියාගන්න කිසිම අයිතියක් නෑ. ඒ රහස්‍ය ලියවිල්ල හෙළි කරලා නැහැ අද වෙනතුරු. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලට අනුව බව ඉතා පැහැදිලියි. සීයට පහළොවේ සිට සියයට 18 දක්වා වැට් බදු වැඩි කරන්න  යෝජනාව ගේන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 

 මහ බැංකු අධිපති කබ්රාල් කොච්චර පම්පෝරි ගැහුවත් අද අපි කොන්දේසිවලට යටත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ගන්නේ නෑ කියපු අය ඒ අරමුදල ගේන යෝජනාවලට යටත්ව ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. රාජ්‍ය ආයතන පඥටධපථ කරන්නේ කියලත් ඒ අරමුදලෙන් කියලා තියෙනවා. ඒ වගේම ඔවුන් කියලා තියෙනවා බලශක්ති පිරිවැය වැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා. අවුරුදු එකහමාරක් තුළ ගෑස් සිලින්ඩරය රුපියල් 4200ට නැඟලා. මේ කෝටි විසි ලක්ෂයේ ජනතාවගෙන් ආණ්ඩුව පලිගන්නවා. වංචා දූෂණ, නාස්ති මොකුත් නවත්තලා නෑ. ඒත් මේ වෙලාවේ තියෙන ගෑස්, තෙල් පෝලිම් ඉතියෝපියාවෙවත් මේ තරම් නෑ. ටි්‍රලියන 21ක් තිබූ ණයවලින් බිලියන අටක්ම ණය ගත්තේ නන්දසේන ගෝඨාභය පාලනය. එක කිරිපිටි කම්හලක් එක හාල් මෝලක්වත් මේ ආණ්ඩුව දාලා තියෙනවද. ගුවන් හමුදාවේ හිටපු සාමාන්‍ය සෙබළකු වූ ඩඩ්ලි සිරිසේන ලංකාවේ හාල් මිල පාලනය කරන්නෙත්.

ජනපතිවරයා තීන්දු තීරණ ගත්තේ කඩා වැටුණු  රට යළි  නඟා සිටුවන්නයි

“යහපාලන ආණ්ඩුව විසින් ආර්ථිකය, රටේ ආරක්‍ෂාව විනාශ කරලා, ව්‍යාපාර ටික කඩා වට්ටලා, තරුණ විරැකියාව සියයට විසිඅට දක්වා වැඩි කර රටේ උද්දමනය වැඩි කරලා, ඩොලර් සංචිත නැතිකරලා මුළු රටම වැටුණට පසු යළි රට නඟා සිටුවීමට තමයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා එදා තීන්දු තීරණ ගත්තේ” යැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පැවැසීය.

එතුමා මුලින්ම කළේ බැංකුවල තියෙන පොලී අනුපාතය අඩුකළ එකයි. ඊට පස්සේ බදු සහන ලබා දුන්නා. මෙයින් ලැබෙන අරමුණ තමයි එදා වැටුණු ආර්ථිකය, එදාවැටුණු රට නැවත නඟා සිටුවීමයි.

ලංකාවේ ආයෝජනය නොකිරීමට ප්‍රධාන හේතුවක් තමයි බැංකුවලින් විශාල පොලී අනුපාතයක් අයකර ගැනීම. කොහොමද ලෝන් එකක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්නේ. විශාල බද්දක් ගන්නවා නම් කොහොමද රටේ ව්‍යාපාර ඇති වෙන්නේ.

මේ පිළිබඳ හිතලා තමයි එදා පළමු වෙන්ම තීරණය කළේ වැට් බද්ධ සියයට පහළවේ සිට අට දක්වා අඩු කරන්න. ඒ වගේම ලංකාවේ කෘෂිකර්මාන්තයේ තිබූ සම්පූර්ණ බදු, ධීවර කර්මාන්තයේ තිබූ බදු ඉවත් කළා.

සමහර විට ඔබතුමන්ලා කියන්න පුළුවන් අපට ලැබෙන බදු නැතිකර ගත්තා කියලා. එහෙම පේනවා ඇති. හැබැයි මේකට හේතුව තමයි අපිට ඕන වුණා එදා තිබුණට වැඩිය ශ්‍රී  ලාංකිකයන් එළියට ඇවිත් ආයෝජන කළා. ශ්‍රී  ලාංකිකයන් වැඩිපුර ව්‍යාපාර පටන් ගත්තා. අපේ රටේ ජනතාවට තව තවත්  ඉස්සරහට එන්න තමයි අපි මේ බදු සහන ලබා දුන්නේ.

අද විපක්ෂය  කෑ ගහන්නේ  පෙට්රල්-ඩීසල්-ගෑස්  ඒ කාලේ දේශීයව  නිෂ්පාදනය  කළා වාගේ : වසන්ත යාපා බණ්ඩාර

“අපි මේ තරම් කාලයක් දේශීයව නිෂ්පාදනය කළ ඩීසල්, පෙට්රල්, ගෑස් සිලින්ඩර, කිරිපිටි, සිමෙන්තිවලට ගෝඨාභය ජනාධිපතිවරයා ආවට පස්සේ මොකද වුණේ කියලයි විපක්ෂයේ මන්ත්‍රිවරු අද අ‍ෙ¼දා්නා තියන්නේ” යැයි  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර පැවැසීය.

අපි අවංකව තේරුම් ගමු 2015දී සියයට පහකට ආසන්න ආර්ථික වර්ධන වේගයක් තිබූ රට 2019දී භාර ගන්න කොට තිබුණේ 2.3ක ආර්ථික වර්ධන වේගයක්. කඩාවැටුණු ආර්ථිකයක් තිබූ රටක් තමා එදා ජනාධිපතිවරයා භාර ගත්තේ.

පාස්කු ප්‍රහාරයත් එක්ක ලංකාවේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය වගේ දේවල් සුනුවිසුනු වෙලා තිබුණේ. මෙහෙම සුනුවිසුනු වුණු ආර්ථිකයක් භාර ගත්ත ජනාධිපතිවරයෙක් හිතාගන්න බැරි විධියට ලෝක වසංගතයකට ගොදුරු වෙලා මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරදීම පිළිබඳව ඉල්ලීමටයි වැඩිම වශයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වුණේ.

එදා ඔබ කිව්වේ මිනිස්සුන්ට ජීවිත දානය ලබාදීම සඳහා එන්නත්කරණය කර සුවපත් කිරීමට අවධානය යොමු කරන්න. ආර්ථිකය කවදා හරි හදා ගන්න පුළුවන් කියලා. රට බලහත්කාරයෙන් වහන වෙලාවේ සමගි ජන බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, දකුණෙ කඩවල්, නැඟෙනහිර කඩවල්, කඳුකරයේ කඩවල් මේ සියලු වෙළෙඳ ව්‍යාපාර වසා දමද්දි ඒකෙන් ආර්ථිකයට පහරක් වදින බව යළි යළි ආණ්ඩුව අවධාරණය කරද්දීත් ඒ බව තුන් හිතකින්වත් හිතන්නේ නැතිව රටේ ආර්ථිකය දුර්වල කිරීමට ඒ අය කටයුතු කළා. 

බදු පනත් ගේන්න වගකීම තියෙන බැසිල් පාර්ලිමේන්තුවේවත් නැහැ : අශෝක් අබේසිංහ

විස¾දුමක් නොමැතිව මුදල් ඇමැති හෝ ආණ්ඩුව රටට සල්ලි හොයා දෙනවා යැයි කියන්නේ පැන්ඩෝරාවලින්ද එහෙම නැත්නම්  මධූෂ්ගේ සල්ලිවලින්ද යන්න රටට පැහැදිලි කළ යුතුව ඇතැයි, සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක් අබේසිංහ ප්‍රශ්න කළේය.

“අපි අද මේ බදු පනතක් ගැන කතා කරනවා. මේ පනත ඇත්තටම ඉදිරිපත් කරන්න ඕනෑ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ. නමුත් ඔහු පාර්ලිමේන්තුවේවත් නෑ. මේ ගැන මුල් කතාව කළෙත් පසුපෙළ මන්ත්‍රිවරයකු. ඔහු කියනවා රුපියල් බිලියන 2000ට වඩා ආදායමක් රටට  ගේන්න ඕනෑ කියලා. ඔහුට මතක නෑ මේ ආණ්ඩුව යටතේ බදු හරහා රුපියල් බිලියන 600ක් රටට අහිමි කළා කියලා. 2022 රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 2500ක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා. රජය නොගෙවූ ණය කෝටි ලක්ෂ 19යි. අපේ රජය ඩොලර් බිලියන 12.5යි ණය ගත්තේ. ඒ ගත්තෙත් ණය ගෙවන්න. මං දැක්කා බ්ලූම්බර්ග් සඟරාවේ තියෙනවා. එක පවුලක් නිසා ලංකාව විනාශ කළ පුවතක්. රුපියල් කෝටි සීයෙන් කරන්න පුළුවන් එකට රුපියල් කෝටි 300ක් අරන් කෝටි දෙසීයක් සාක්කුවේ දාගන්න අය මේ රාජපක්ෂලා.  රාජ්‍ය දේපළ විකුණන්න තීන්දු කළේ එක පවුලක් රට විනාශ කළ නිසා. එක් පුද්ගලයෙක් අද ලක්ෂ නමයක් ණයයි. මහා ඛේදවාචකයක් මේක. අධිභාර බදු පනතක් ගෙනාවා. ඒ හරහා සේවක අර්ථසාධක අරමුදලෙන් 25%ක් බදු අය කර ගන්න යනවා. ඩොලර් බිලියන 50කට අධික විදේශ ණය තිබෙනවා. මේ අය කියනවා විදේශ ණය ගත්තේ නෑ කියලා. ඉන්දියාවෙන් ගත්තු ණයට කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ කියනවා. එහෙනම් මොකද ඉන්දියාවෙන් බඩු ගන්න කියලා කොන්දේසි දැම්මේ. ඒක කොන්දේසියක් නොවෙයිද. බඩු මිල අහස උසට නැඟලා. ජීවත් වෙන්න බැහැ කියලා අපේ මිනිස්සු ඉන්දියාවට යනවා.

සර්ව පාක්ෂික  සමුළුවක් කියලා  තිබ්බේ ළිඳ ළඟ සභාවක් : චමින්ද විජේසිරි

ජනතාව මහ පාරේ මැරුණත් බැසිල් ඇතුළු රාජපක්ෂ පවුල ‘පැණි කෑම’ නවත්වන්නේ නැතැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි පැවැසීය.

“පෙරේදා සර්ව පාක්ෂික සමුළුවක් තිබුණේ නෑ. ඇත්තටම තිබුණේ ළිඳ ළඟ සංගමයක්. ගමේ සොපි අක්කා, සුමනක්කා තමන්ගේ අතේ වැරැද්ද තියාගෙන අනුන්ට චෝදනා කරනවා වගේ රනිල් මහත්තයා තව ටිකෙන් කබ්රාල් මහත්තයා එක්ක කෙහෙවලු පටලා ගන්නවා. ආර්ථිකය ගොඩගන්න පුළුවන් ක්‍රමය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළ යුතුයි. සමගි ජන බලවේගය ළිඳ ළඟ සංගමයේ සාකච්ඡාවලට යන්නෙ නෑ.

එක කාරණයක් පෙරේදා එළිවුණා. ඒ බැසිල් මහතා ගත් තීරණය ඉතා හොඳයි. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියලා එතුමා කිව්වා. මහ පාරේ කීයක් මැරුණද? බැසිල් රාජපක්ෂ පැණි කෑවෙ නැද්ද? එතුමා හරිම උදාහරණය එතුමට අරන් තියෙනවා. ඒ වගේම සීනි වංචාවෙන් කොමිස් ගහලා එතුමා පැණි කෑවේ නැද්ද? මහ පාරෙ මිනිස්සු මැරුණත් බැසිල් ඇතුළු  රාජපක්ෂ පවුල පැණි කනවා. අර නාමල් රාජපක්ෂ මහත්තයා මුහුණුපොතේ ගන්නා ආතල් පේනවනේ. ජල ක්‍රීඩාවල ඉන්නවා. පැරෂුට් සන්දර්ශන පවත්වනවා. මේ ජනතාවට තුන්වේල කන්න නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලොකු අයියාගේ පුතා නාමල් රාජපක්ෂට මෙහෙම සතුටු වෙන්න පුළුවන්ද? මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුව කියලා මොකද කළේ? ජාති ආගම පාවා දීලා බලයට ආපු රාජපක්ෂලා නැවත නාටක රඟ දක්වන්න පටන් අරගෙන තිබෙනවා.”