යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් කඩවතදී වෙඩි තබා ඝාතනය කෙරේ

0
514

කඩවත පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ මහර 9 කණුව අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තව ත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර කරනු ලැබ තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (මාර්තු 24) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ය.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 සහ 31 පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලත් මත මෙම වෙඩි තැබීම සිදු වි ඇති බවට පොලිසිය සැක කරයි.

මේ වන විට ඔවුන්ගේ මෘත ශරීර කිරිබත්ගොඩ රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.

කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.