කොළඹ කජීමාවත්තේ නිවාස 23ක් ගිනිගෙන විනාශ වෙයි

0
38

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගයසන් පාර, කජීමා වත්තේ ඉදි කර තිබූ අනවසර පැල්පත් නිවාසවල ඇති වූ හදිසි ගින්න හේතුවෙන් නිවාස 23ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අද (මාර්තු 25) අළුයම මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීම් රථ 5ක් යොදා ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන් ම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව ය.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බව පොලිසිය පැවසීය.

අදාළ ප්‍රදේශයේ නිවාස 200ක් පමණ ඉදි කර තිබී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.