VAT බදු පනත සම්මත යි: මූල්‍ය සේවා බදු ඉහළ යයි

Date:

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (මාර්තු 24) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව, 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත වීමෙන් අනතුරුව එය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 සහ 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙළ කර තිබිණි.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු අගය ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු අගය කැපී පෙනෙන ලෙස ඉහළ...

“ගෝඨාභයට පිටරට හැංගිලා ඉන්න ඉඩ දෙන්න බෑ” – ඇමති ප්‍රසන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක්...

බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක්

බස් මගීන්ගේ පහසුව සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට පියවර...

අන්තරේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 16කට ඇප: වසන්ත ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග ඉල්ලයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝ. 18) සංවිධානය...