SLIM Brand Excellence 2021දී GSK වෙත රන් හා රිදී සම්මාන ත්‍රිත්වයක්

0
33

ශ්‍රී ලාංකික ජනතාවට ඉතා සමීප සන්නාම රැසක හිමිකරු වන GSK (GlaxoSmithKline Consumer Healthcare) සමාගම පසුගිය දා කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේ පැවතිSLIM Brand Excellence 2021 සම්මාන උළෙලේදී රන් හා රිදී සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය.

SLIM Brand Excellence සම්මාන උළෙල මෙරට අලෙවිකරණ ක්‍ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන උත්සවයක් වන අතර එහිදී ජාතික මට්ටමෙන් හඳුනා ගත් විශිෂ්ඨ සන්නාම සහ කැපී පෙනෙන අලෙවිකරුවන් ඇගයීමට ලක් කෙරෙයි. 

එහිදී තියුණු තරඟකරුවන් රැසක් අභිබවා යමින් 2021 වර්ෂය සඳහා වන (Turnaround Brand of the Year) රන් සම්මානය දිනා ගැනීමට සෙන්සොඩයින් (Sensodyne) සන්නාමය සමත් විය. පෙර වර්ෂවලදී පසුබෑමකට ලක්ව තිබුණද විශිෂ්ට අලෙවිකරණ ක්‍රමෝපාය භාවිත කරමින් නැවත සාර්ථකවත්වය ළඟා කර ගත් සන්නාම හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙම තරඟ අංශයේදී සිදු වේ.

 ර්‍ණගෝලීය සන්නාමය (The Global Brand of the Year) තරග අංශය යටතේ ශ්‍රී ලංකාව තුළ වඩාත් හොඳින් ස්ථාපනය වී ඇති ජාත්‍යන්තර සන්නාම ඇගයීමට ලක් කෙරෙන අතර දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කෙරෙන හෝ අලෙවි කෙරෙන සන්නාම මෙම කාණ්ඩය යටතේ තරග කරයි. ඒ අනුව මෙරට තුළ වඩාත් සාර්ථකව ස්ථාපනය වූ සන්නාම ලෙසින් අයඩෙක්ස් (Iodex) සහ ඊනෝ (Eno) සන්නාම ද්විත්වයම රිදී සම්මාන හිමි කරගැනීමට සමත් වීම විශේෂත්වයකි. මෙම තරග අංශයෙන් කිසිඳු සන්නාමයක් සඳහා රන් සම්මාන හිමි නොවීම නිසා රිදී සම්මාන දිනා ගත් සන්නාම ද්විත්වය මෙහි ඉහළම ගෞරවය දිනාගත් සන්නාම බවට පත් විය. 

GSK සමාගමේ වෙළෙඳ අංශ ප්‍රධානී මංජුල වීරකෝන් මහතා මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූයේ ය.

“විය යුතු ආකාරයට ම අපේ සන්නාමවලට නිසි ඇගයීමක් හිමිවීම අපිට විශාල සතුටක් හා ආඩම්බරයක්. අපිට මේ ඇගයීම් ලැබුණේ GSK සන්නාමයන් ඉහළ තලයකට ඔසවා තැබීම වෙනුවෙන් අපි කණ්ඩායමක් වශයෙන් දරන ලද අඛණ්ඩ ප්‍රයත්නයන් හා විශිෂ්ඨ කැපවීම නිසයි. මේ සන්නාම වෙළෙඳපොළට හඳුන්වාදුන් මොහොතේ සිට ම පාරිභෝගිකයින් වෙත ඉතා සමීප වූ අතර ඉදිරියටත් අපේ සන්නාම ගෘහස්ථ වෙළෙඳ නාම අතර ඉහළින් ම පවත්වා ගෙන යාමට GSK කණ්ඩායම කැප වී සිටිනවා.” 

සෙන්සොඩයින් (Sensodyne), අයඩෙක්ස් (Iodex) සහ ඊනෝ (Eno) GSK සමාගම විසින් හඳුන්වා දුන් අලුත් ම සන්නාම කිහිපයක් වන අතර නිවැරදි ක්‍රමෝපායන් හරහා වෙළෙඳපොළ තරගකාරීත්වය මධ්‍යයේ වුව ද පාරිභෝගිකයාගේ හදවත දිනා ගත හැකි බව එම සන්නාම විසින් ඔප්පු කර ඇත. 

GSK Consumer Healthcare සමාගම ජාත්‍යන්තර සමාගමක් වන අතර පැනඩෝල් (Panadol), සෙන්සොඩයින් (Sensodyne), අයඩෙක්ස් (Iodex), ඊනෝ (Eno), වෝල්ට්‍රන් (Voltaren) වැනි ගෘහස්ථ වෙළෙඳ සන්නාම නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කරයි.