විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් හිර ගෙදරදී විවාහ වෙයි

0
89

බන්ධනාගාරගත කර සිටින විකිලීක්ස් (Wikileaks) නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩන්හි අධිආරක්ෂිත බන්ධනාගාරයකදී විවාහ වී තිබේ.

50 හැවිරිදි ජූලියන් අසාන්ජ් ඊයේ විවාහ වී ඇත්තේ, ස්ටෙලා මොරිස් නමැති සිය දීර්ඝ කාලීන පෙම්වතිය සමග ය.

මෙම විවාහය ලන්ඩන්හි බෙල්මාර්ෂ් බන්ධනාගාරයේදී පැවැත්විණි. 2019 වසරේ සිට ඔහු රඳවා සිටියේ එම බන්ධනාගාරයේ ය.

ඔවුන් දෙදෙනාට විවාහ වීම සඳහා අවසර දෙන ලද්දේ, පසුගිය වසරේදී ය.

මෙම විවාහය සඳහා අමුත්තන් සිව් දෙනෙකුට අවසර ලැබුණු අතර නිල සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂකයින් දෙදෙනෙකු සහභාගි වී තිබිණි.

ජූලියන් අසාන්ජ් සහ ස්ටෙලා මොරිස් 2015 වසරේ සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය අතර ඔවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙක් ද වෙති.

එම දරුවන් ද විවාහ උත්සවයට සහභාගි වී තිබිණි.