ඩයනා ඩයස්පෝරාව ඉල්ලයි: සුමන්තිරන් පාලම වෙන්නම් කියයි

0
56

දෙමළ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ජනාධිපතිට යෝජනා කළා ය.

ඇය ඊයේ (මාර්තු 23) සර්ව පාක්ෂික සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළ අතර දෙමළ ඩයස්පෝරාවේ බොහෝ කණ්ඩායම් රුපියල්, ඩොලර් මිලියන හා බිලියන ගණනින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව ද ඇය පැවසුවා ය.

ඒ අනුව, එම කර්තව්‍ය සඳහා ‘පාලමක්’ ආකාරයෙන් සහයෝගය ලබා දෙන බව මීට සහයෝගය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසුවේ ය.