Anuradha Herath,Saduni Gamaarachchi
ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් ත්රිත්වය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ අනුමත කෙරිණි.
ඉඩම් සංවර්ධන නියෝග මගින් 2014 වසරේදී නීර්ණය කර තිබෙන බලපත්ර හා දීමනා පත්ර නිකුත් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම සහ 1985 වසරේ ඉඩම් නියෝග 115 මගින් ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්ර හා දීමනා පත්රවලට අදාළ ඉඩම්වල අවම බෙදුම් සීමා සංශෝධනය කිරීම මෙම රෙගුලාසි සංශෝධනය කිරීම මගින් සිදු කොට ඇත.