කටුගස්තොට ජීවිත තුනක් ගින්නකට බිලි වෙති

0
36

කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අද (මාර්තු 24) උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිට ගින්න පාලනය කර ඇති බව ය.

ගින්නෙන් මිය ගොස් ඇත්තේ එක ම පවුලේ පියා, දියණිය සහ නිවසට පැමිණි තවත් තරුණයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, එම නිවසේ සිටි මව ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව ය.

ගින්නෙන් අදාළ නිවස සම්පූර්ණයෙන් ම පිළිස්සී විනාශ වී ඇති අතර ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.