“ඉන්ධන හිඟය නිසා ගිනි ගැනීම් අනතුරු සහ මරණ තුන් ගුණයකින් ඉහළ ගිහින්” – වෛද්‍ය අංශ

0
54

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දිනවල ජනතාව පෙට්‍රල් නිවෙස් තුළට ගෙනැවිත් තබා ගැනීම නිසා භයානක ප්‍රතිඵල ඇති වෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ගයාන් මුණසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

පසුගිය ජනවාරි මාසය වන තෙක් කොළඹ ජාතික රෝහලේ පමණක් පෙට්‍රල් ආශ්‍රිත පිළිස්සීම් වාර්තා වූයේ දිනකට 1 – 2ත් අතර සංඛ්‍යාවක් වන නමුත් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට එම සංඛ්‍යාව දිනකට 4- 6ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.

වෛද්‍යවරයා සඳහන් කළේ, එලෙස මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කරන පිළිස්සුම් තුවාලකරුවන්ගෙන් 20%ක පමණ ප්‍රතිශතයක් මිය යන බව ය.

රට පුරා විවිධ ප්‍රදේශවලින් මේ වන විට මෙවැනි පෙට්‍රල් ආශ්‍රිත ගිනිගැනීම් අනතුරු බහුලව වාර්තා වන අතර එබැවින් නිවෙස් තුළට පෙට්‍රල් ගෙනැවිත් තබා ගැනීම ඉතා භයානක බව ඔහු අවධාරණය කළේ ය.

“මෙම ඉන්ධනය වාෂ්පව ගේ තුළ සංසරණය වීම වැඩි වෙලා ලිපක් පත්තු කළ ත් ගිනිකූරක් ගැහුව ත් සමහර විට ලයිට් ස්විච් එකක් දැම්ම ත් මුළු ගේ ම අළු බවට පත්වෙන්න පුළුවන් ක්ෂණිකව. තමන්ගේ ජීවිත කාලෙ ම මහන්සි වෙලා හදාගත්ත ගෙදර, ළමයි, දෙමාපියන් මේ ගින්නට අහුවෙලා මේ දින කීපය තුළ මරුමුවට පත්වෙලා තියෙනවා.

… දිනක් ඇර දිනක් මිය යනවා ජාතික රෝහලේ පමණක් මේ දින ටිකේ. මේ මරණ එක දවසේ සිද්ධ වෙන්නේ නෑ. පොඩි පිළිස්සීමකින් මුළු ජීවිතය ම නැති වෙන්න පුළුවන්. දියවැඩියාව වැනි රෝග තියෙන 60ට වැඩි අයට විෂබීජ ගිහින්.”