ආචාර්ය හර්ෂගේ ප්‍රකාශයෙන් පසු රාජ්‍ය බැංකු ගැන මහ බැංකුවෙන් හදිසි දැනුම් දීමක්

0
32

මෙරට බැංකු පද්ධතියේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බව ය.

රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදු වන බව සහතික කරන බව ද මහ බැංකුව සිය නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත. 

ඊට අදාළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

The Ministry of Finance and the Central Bank of Sri Lanka wish to assure the public and all other stake holders that the banking system is stable, and that the operations of the State Banks are being carried out smoothly, contrary to statements made otherwise.#SriLanka #CBSL— CBSL (@CBSL) March 24, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පණිවිඩය නිකුත් කර ඇත්තේ, මෙරට රාජ්‍ය බැංකුවක් ණය නැවත ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (මාර්තු 24) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක ය.

වැඩිදුර කියවන්න: මූල්‍ය වැරදි නිසා රාජ්‍ය බැංකුවකට වෙලා තියෙන දේ ගැන හර්ෂ පාර්ලිමේන්තුවේදී කී කතාව