ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තියේ බරපතළ තත්ත්වයක් ඇතිවීමට හැකියාව තිබුණ ද මාර්තු මස අවසානය වන විට තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කිරීම තුළින් ඉන් ආරක්ෂාව සලසා ගත හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සිහිපත් කළේ, පසුගිය වසරේ මෙම කාල සීමාවේදී කොරෝනා වසංගතය ඉතා හොඳ මට්ටමකින් පාලනය කර තිබුණ ද අවුරුදු සමය ආරම්භ වීම ත් සමග බරපතළ ලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය බව ය.
එබැවින් පසුගිය වසරේ සිදු කළ වරද මේ වසරේදී ද සිදු නොකර ආරක්ෂා වීමට කටයුතු කිරීම තුළින් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම වැළක්වා ගත හැකි වනු ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.