අද (මාර්තු 23) දිනයේදී ද A සිට L දක්වා කලාප 12 ට පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව, A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
P සිට W දක්වා කලාප 8කට අද පැය 2 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.
P සිට W දක්වා කලාප 8ට පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් සහ පස්වරු 4.30 සිට රාත්රී 9.30 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කෙරේ.
විදුලි වසන්ධි කෙරෙන කාලසටහන මෙතැනින් බලන්න…