Boeing 737 මාදිලියේ ගුවන් යානා ගැන ඉන්දියාවෙන් සැකයක්

0
49

චීනයේදී මගීන් 133 දෙනෙකු රැගත් Boeing 737 මාදිලියේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසුව එම මාදිලියේ ගුවන් යානාවල ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබේ.

ඉන්දියාව තීරණය කර ඇත්තේ, Boeing 737 මාදිලියේ ගුවන් යානා පිළිබඳ දැඩිව නිරීක්ෂණය කිරීමට ය.

ඉන්දීය ගුවන් සේවා අධිකාරිය පවසන්නේ, එම ගුවන් යානා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කළ බව ය.