නිකරගුවාවේ විපක්ෂ නායිකාව වසර 8ක් සිර ගෙට

0
41

නිකරගුවාවේ විපක්ෂ නායිකා ක්‍රිස්ටියානා චමෝරෝට වසර 8ක සිර දඬුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු ඇයට සිර දඬුවම් නියම කර ඇති බව ය.

කෙසේ වෙතත්, ක්‍රිස්ටියානා චමෝරෝ පවසා ඇත්තේ, මෙය තමන්ට එරෙහිව දේශපාලනික වශයෙන් ගත් ක්‍රියාමාර්ගයක් බව ය.

මෙය තමන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් නිරමාණය කළ සැලැස්මක් බව ද ඇය පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 7 දෙනා අතරින් එක් අයෙක් විය.

68 හැවිරිදි ඇය නිවාස අඩස්සියේ තැබීමට සැලසුම් කර ඇතැයි වාර්තා වී තිබේ.