ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන – සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
අනතුරුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විණි.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86ක් සහ විපක්ෂව ඡන්ද 35ක් හිමි විය.
පනත් කෙටුම්පත සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේ සම්මත කිරීමෙන් අනතුරුව තෙවන වර කියවීම ද සම්මත කර ගැනිණි.