ගෑස් අර්බුදය තව දින 7කින් විසඳෙනවා ලු

0
19

රට තුළ පවතින ගෑස් ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබා දීමට තව දින 7 – 10 ත් අතර කාලයක් ගත වනු ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

රටේ පවතින ගෑස් අර්බුදය නිමා වන දිනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අද (මාර්තු 22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, ගෑස් සැපයුම පිළිබඳව විශ්වාසය තබා ගත හැකි අතර ඊට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලු නිරාකරණය වී ඇති බව ය.

මහ බැංකුව ඒ සම්බන්ධයෙන් එකඟ වී ඇති අතර ගෑස් අර්බුදය ක්‍රමානුකූලව විසඳෙනු ඇති බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.