කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 281ක් – මරණ 4ක්

0
20

ඊයේ (මාර්තු 22) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 281 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 659,859 කි.

මේ අතර, මෙරටින් තවත් එක් කොවිඩ් මරණ 4ක් ඊයේ (මාර්තු 22) වාර්තා විය.

වයස අවුරුදු 30ත් 59ත් අතර එක් පුද්ගලයෙකු ද වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ද තිදෙනෙකු ද මිය ගිය පිරිස අතර වෙති.

මෙම පිරිස අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මිය ගිය අය අතර වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 16,436ක් දක්වා ඉහළ ගොස් තිබේ.