රුපියල ත් එක්ක IDD ගාස්තු ත් පාවෙයි: දේශීය ගාස්තු ත් පා කරන ලකුණු

0
23

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු (IDD) ඉහළ දමා ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී එම කොමිසම මේ බව පැවසීය.

එම කොමිසම ප්‍රකාශ කළේ, මේ වන විට එක් දුරකතන සමාගමක් IDD ගාස්තු ඉහළ දමා ඇති බව ත් අනෙක් සමාගම් ද ඉල්ලීම් කළහොත් ඔවුන්ට ද IDD ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන බව ය. 

අදාළ ගාස්තු ඉහළ දැමීමට අදාළ සමාගම් වෙත බලය පවරා ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් එම ගාස්තු ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය.

දේශීය දුරකතන ඇමතුම්වල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති ද යන්න සම්බන්ධයෙන් එහිදී අපි විමසීමක් කළෙමු.

එහිදී එම කොමිසම ප්‍රකාශ කළේ, මෙතෙක් එම ගාස්තු ඉහළ දැමීමක් සිදු කර නොමැති බව ය.

කෙසේ වෙතත් අදාළ සමාගම් විදුලි සංදේශ කොමිෂන් සභාවට පැහැදිලි කර ඇත්තේ, පවතින දේශීය ගාස්තු හමුවේ අපහසුතාවෙන් සිය සමාගම් දුරකතන සේවා සයපන බව ය.

එම තත්ත්වය හමුවේ දේශීය දුරකතන ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකි බවට විදුලි සංදේශ කොමිෂන් සභාව mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් වැඩිදුරට ත් පැවසීය.

“අනාගතයේදී යම් වෙනසක් වෙන්න ත් පුළුවන්. නොවෙන්න ත් පුළුවන්.”