රටේ ආර්ථික ප්‍රශ්න ගැන රනිල් සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

0
30

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින හදිසි ආර්ථික අභියෝග සඳහා විසඳුම් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද අමෙරිකානු තානාපතිනි ජුලී චං මහත්මිය හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග සඳහා විසඳුම් සෙවීමට අමෙරිකාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බව ය.

සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ජව සම්පන්න දේශපාලනික විපක්ෂයක් අවශ්‍ය බව ද ඇය පෙන්වා දී තිබේ.

A vibrant political opposition is vital in any healthy democracy. Thank you @RW_UNP for meeting with me today to discuss ways the U.S. and Sri Lanka can work together to find sustainable solutions to today’s urgent economic challenges. pic.twitter.com/4C77m7KQKq— Ambassador Julie Chung (@USAmbSL) March 21, 2022