යුක්‍රේන හමුදා පුහුණු මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාරයක්

0
25

බටහිර යුක්‍රේනයේ රව්නේහි හමුදා පුහුණු මධ්‍යස්ථානයකට රුසියාව මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

වීඩියෝ පටයක් නිකුත් කරමින් යුක්‍රේනයේ අදාළ ප්‍රදේශයේ පරිපාලන ප්‍රධානියා කියා සිටියේ, එම මිසයිල ප්‍රහාරය අද (මාර්තු 21) උදෑසන සිදුවූ බව ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව පිළිබඳවි ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි වූ බව BBC පුවත් සේවය සඳහන් කර තිබේ.

මේ අතර, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනයේ කියෙව් අගනුවර ආක්‍රමණය කිරීම රුසියාවේ ප්‍රමුඛතාව ලෙස තවමත් පවතින බව ය.

“අඛණ්ඩ ප්‍රගතියක් නොතිබෙන පසුබිමක, කියෙව් අගනුවර රුසියාවේ මූලික මිලිටරි අරමුණ ලෙස පවතින අතර ඉදිරි සති කිහිපය තුළ නගරය වට කිරීමට ඔවුන් ප්‍රමුඛත්වය දෙනු ඇත.”