Kumudu Jayawardana,Amra Liyakath
මගීන් 133 දෙනෙකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.
මෙසේ කඩා වැටී ඇත්තේ, China Eastern ගුවන් සමාගමට අයත් Boeing 737 මාදිලියේ ගුවන් යානයකි.
චීන මාධ්‍ය වාර්තා කළේ, චීනයේ වුෂෝ නගරය ආසන්නයේ පිහිටි කඳුකර ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව ය.
ගුවන් යානය කඩා වැටීමෙන් පසු කඳුවැටියෙහි ගින්නක් ද හටගෙන තිබේ.
අනතුරින් ජීවිත හානි සිදු වී ඇති ද යන්න පිළිබඳව තවම ත් නොදන්නා අතර මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ පිළිබඳව ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, China Eastern ගුවන් යානය අද (මාර්තු 21) ප.ව. 01:00 ට (GMT 0500) කුන්මිං නගරයෙන් ගුවන් ගත වී ඇති අතර එම ගුවන් යානය සිය ගමනාන්තය වන ග්වැන්සෝ (Guangzhou) නගරය වෙත නියමිත වේලාවටට නොපැමිණි බව ය.