ඉන්ධන පෝලිම්වල සිව් වන මිනිස් බිල්ල මීරිගමින්

Date:

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙක් සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

mawbima.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ පුද්ගලයා කෑන් කිහිපයක් රැගෙන ඉන්ධන ලබා ගැනීම සඳහා මීරිගම නගරයේ පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්හල වෙත ත්‍රිරෝද රථයකින් පැමිණ සිට ඇති බව ය.

එහිදී ඔහු ඉන්ධන ලබා ගත් කෑන් ත්‍රිරෝද රථයට පැටවීමට යන අවස්ථාවේදී සිහිසුන්ව ඇද වැටී තිබේ.

අනතුරුව එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එක්ව එම පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරට ත් පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකි.

මීට පෙර මහනුවර, කඩවත සහ හොරගොල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ද මරණ තුනක් වාර්තා වුණු අතර හොරගොල්ල ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වුණු මරණය එම ස්ථානයේදී ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් කළ ඝාතනයක් බව පොලිසිය පැවසීය.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

“අපි පෝලිම් යුගය අවසන් කළා” – තිස්ස කුට්ටිආරච්චි (VIDEO)

ගෑස් සහ ඉන්ධන පෝලිම් අවසන් කරමින් සමාන්‍ය මට්ටමට ජන...

IMF ගැන අලුත් බලාපොරොත්තුවක් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම මස අවසානයේදී ශ්‍රී ලංකාවට...

22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති...

ජනතාව අතැති විදේශ මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට පොදු සමා කාලයක්

මහ ජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ...