ඉන්ධන පෝලිමක ඇති වූ ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

0
25

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනයක් සිදු වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බව ය.

තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 29ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල සිදු කර ත්‍රිරෝද රියැදුරු පළා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.