අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු. 285ක් දක්වා ඉහළට

0
19

අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 285ක් දක්වා අද (මාර්තු 21) ඉහළ ගොස් තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් ම සිය වෙබ් අඩවිවල අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 285ක් ලෙස ත් ගැනුම් මිල රුපියල් 275ක් ලෙස ත් දක්වා ඇත.

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම මෙන් ම ආර්ථික කටයුතුවලට ද තවදුරට ත් බලපෑම් එල්ල වනු ඇති බව ය.

රුපියල ‘පාවීමට’ මාර්තු 9 වන දා සවස සිට ඉඩ දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණ කළේ ය. 

mawbima.lk වෙබ් අඩවිය සමග කළ සංවාදයකදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ, රුපියල පා කිරීමට ගත් තීරණය ත් සමග අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 260 සීමාව ඉක්මවා යනු ඇති බව ය.