හමේ වර්ණය වෙනස් කරන්න හිතන අයට භයානක පණිවිඩයක්

0
52

සමාජ මාධ්‍ය මගින් සමාජයට බලපෑම් සිදුකරන්නන් (social-media influencers) අතිවිශාල සංඛ්‍යාවක් සමේ වර්ණය දුඹුරු පැහැ කර ගැනීමේ තහනම් නිෂ්පාදන (banned tanning products) ඔවුනගේ අනුගාමිකයන් මිලියන ගණනක් වෙත ප්‍රවර්ධනය කරන බවට බී.බී.සී. පුවත් සේවය කළ විමර්ශනයකින් සොයාගෙන තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, සමේ වර්ණය දුඹුරු පැහැ කරගැනීම වේගවත් කරන ‘මෙලනොටන්-2 (melanotan-2)’ නමැති කෘත්‍රීම හෝමෝනය සහිතව සාදන ලද නාසයට ඉසින (nasal sprays) හෝ එන්නත් විකිණීම එක්සත් රාජධානියේ නීති විරෝධී බව ය.

බලපත්‍ර නොමැති මෙවැනි ඖෂධ භාවිතය භයානක වන අතර භාවිතා කරන්නන් වහා ම නවතා දැමිය යුතු බවට එරට චර්ම රෝග විශේෂඥයින් සඳහන් කරන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇත.

එමෙන් ම එවැනි පරීක්ෂා නොකරන ලද නිෂ්පාදන හේතුවෙන් සමේ පිළිකාවලට ඇති වීමට හේතු විය හැකි බවට සාක්ෂි ඇයි ද ඔවුන් සිය විමර්ශනය මගින් පෙන්වා දී තිබේ.

බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ, සම දුඹුරු පැහැ ගැන්වීමට ආශා කරන බොහෝ විදේශීය සමාජ මාධ්‍ය නිරූපිකාවන් ඒ සඳහා කෘත්‍රිම හෝමෝන අඩංගු නාසයට ඉසින හෝ එන්නත් භාවිත කරන බව ය.

එම හෝමෝන ඇතුළත් එන්නත් කුස පෙදෙසට විද ගන්නා අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියන් එම මෙලනින් කාරක භාවිත කළ බවට සිය සමාජ ජාලා හරහා ප්‍රචාරය කරනු ලබන බව ඔවුන් පෙන්වා දී ඇත.

මෙලෙස දුඹුරු පැහැ සමක් ලබා ගැනීම සඳහා සිය කුසට එන්නත් කර ගත් තරුණියකගේ කලවා මත කෙටි කලකින් කඩල ඇටයක ප්‍රමාණයේ පැල්ලම් මතු වී ඇති අතර පසුව ඇය ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී එය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් එය ඉවත් කිරීමෙන් ටික කලකට පසු ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි පළමු අදියරේ ‘මෙලනෝමා’ නම් සමේ පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබේ.

Melanotan-2 moles

එම පැල්ලම වටා තිබූ ප්‍රදේශය වටා ඇති පිළිකා පටක ඉවත් කිරීමට ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය වී ඇති අතර ඇගේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා ඇයට පවසා ඇත්තේ හෝමෝන එන්නත් කිරීම බොහෝ දුරට ඊට හේතුව බව ය.

A scar the

තව ත් එංගලන්ත ජාතික තරුණියකට මෙම සම දුඹුරු පැහැ ගැන්වීමේ මෙලනින් කාරක නාසයට ඉසිනය, සමාජ මාධ්‍ය මගින් මිල දී ගෙන භාවිත කිරීමෙන් අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබේ.

ඇය නාසයට ඉසිනයෙන් පළමු වර උත්සාහ කර මිනිත්තු කිහිපයකින් මුහුණ “පිළිස්සී” දීප්තිමත් රතු පැහැයට හැරී ඇති අතර ඉන් සතියකට පමණ පසු ඇයගේ උගුර ප්‍රදේශය වැසී යාමක් වැනි තත්ත්වයක් ඇති වී හුස්ම ගැනීමට අපහසු වී ඇත.

වෛද්‍යවරුන්ට ඇයට පවසා ඇත්තේ, අදාළ නිෂ්පාදනය නාසය මගින් ආශ්වාස කිරීම ඊට හේතුව බව ය.

මෙවැනි නිෂ්පාදන භාවිත කිරීමෙන් තුවාල, දිලීර ආසාදන සහ විවර ඇතුළු සංකූලතා අත්විඳ ඇති පුද්ගලයින් 20 දෙනෙකු සමග බී.බී.සී. පුවත් සේවය සම්මුඛ සාකච්ඡා සිදු කර ඇත.

ඔවුන් වාර්තා කරන්නේ, Melanotan-2 මගින් සම අඳුරු කරන වර්ණකයක් වන මෙලනින් නිෂ්පාදනය වැඩි කළ හැකි නමුත් එය සම්බන්ධයෙන් කිසි විටෙක දැඩි ආරක්ෂණ පරීක්ෂා කිරීම් සිදු කර නොමැති බව ය.

ප්‍රධාන වශයෙන් මෙම හෝමෝනය භාවිතය පිළිබඳව රැල්ල මෙහෙයවනු ලබන්නේ තරුණ, සුදු කාන්තාවන් විසින් වන අතර සමාජ මාධ්‍ය මගින් මෙය ප්‍රචලිත කර ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මෙවැනි නිෂ්පාදන සපයන ඇතැම් විකුණුම්කරුවන් සිය නිෂ්පාදන ආරක්ෂිත යැයි කියා සිටින නමුත් වෛද්‍යවරුන් පවසන්නේ එවැනි නිෂ්පාදන අහිතකර ඒවා බව බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් සිය විමර්ශනය මගින් පෙන්වා දී තිබේ.