ශ්‍රී ලංකාව ‘ලෝක සතුටු දර්ශකයේ’ පියවර දෙකක් ඉදිරියට

0
56

ලෝක සතුටු දර්ශකයේ 127 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පසුගිය වසරේ සිය ලෝක සතුටු වාර්තාවේ රටවල් 149ක් අතර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබුණේ 129 වන ස්ථානයේ ය.

ෆින්ලන්තය තවදුරට ත් එම ලැයිස්තුවේ ඉහළින් ම සිටින රට වන අතර ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තය දෙවන ස්ථානයේ පසුවෙති.

අසතුටින් ම සිටින රට ලෙස එම වාර්තාව අනුව සැලකෙන්නේ, ඇෆ්ගනිස්ථානය යි.

නේපාලය 84 වන ස්ථානයේ පසුවන අතර බංගලාදේශය 94 වන ස්ථානයේ පසුවෙයි.

පකිස්ථානය 121 වන සථානය දරන අතර පකිස්තානයට වඩා පහළින් ඉන්දියාව 136 වැනි ස්ථානයේ පසුවේ.

මෙම ලැයිස්තුවේ පළමු රටවල් 20 අතරට පැමිණීමට කිසිදු ආසියානු රටක් සමත්ව නොමැත.

මෙහි සම-කර්තෘ ජෑන්-එම්මානුවල් ඩි නේවේ පවසා ඇත්තේ, මෙම දර්ශකය මගින් යුද්ධයෙන් වින්දිතයින්ට සිදුවන බෙහෝ ද්‍රව්‍යමය හා භෞතික නොවන හානිය පිළිබඳ පැහැදිලි මතක් කිරීමක් ඉදිරිපත් කරන බව ය.

ලෝක සතුටු වාර්තාව පදනම් වී ඇත්තේ, මිනිසුන්ගේ සතුට පිළිබඳ ඔවුන්ගේ ම තක්සේරුව මෙන් ම ආර්ථික හා සමාජ දත්ත මත ය.

*ලෝක සතුටු දර්ශකය මෙතැනින් බලන්න…