රන්ජන් කොළඹ ජාතික රෝහලට

0
17

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ය.

කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට අද (මාර්තු 20) දින ‍පෙරවරුවේ යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලට අතුළත් කර ඇති බව චන්දන ඒකනායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.