කිරි තේ එකක් රුපියල් 100ට යයි

0
19

කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

mawbima.lk කළ විමසීමකදී එම සමංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, අද (මාර්තු 20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ මිල වැඩිවනු ඇති බව ය.

“වසරක කාලයක් නොවෙනස්ව කිරි තේ එකක් රු.100ක මිලට අලෙවි කරන්න අපි තීරණය කළා.” යනුවෙන් ඔහු පැවසීය.

අසේල සම්පත් මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, මේ පිළිබඳව මේ වන විට හෝටල් හිමියන්ට දැනුවත් කර ඇති බව ය.

“රුපියල් 100කට නොවෙනස්ව වසරක කාලයක් කිරි තේ මිල වෙනස් වෙන්නේ නැහැ. මිල අඩු වුණොත් මිල අඩු කරනවා ඇරෙන්න. ආයෙත් නැවත මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. රුපියල් 100ට අපි කිරි තේ එක ලබා දෙනවා.”