ඉන්ධන පෝලිමක සිටි තව ත් අයෙක් ඇද වැටී මිය යයි

0
21

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටියදී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුද 70ක් පමණ වයසැති කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක සිට සිහිසුන්ව ඇද වැටී ඇති අතර පසුව ඔහුව රාගම රෝහලට ඇතුළත් කර ඇති බව කඩවත පොලිසිය පැවසීය.

මේ අතර, ඊයේ (මාර්තු 19) දිනයේදී මහනුවර ඉන්ධන පෝලිමක සිටියදී සිහිසුන්ව ඇද වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබිණි.

ඔහු වයස අවුරුදු 70ක් වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

භූමිතෙල් ලබා ගැනීම සඳහා ඔහු පෝලිමක සිට ඇති අතර එහි සිටියදී අද (මාර්තු 19) සවස 3.30ට පමණ සිහිසුන්ව ඇද වැටී ඇත.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පැවසීය.