කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 288ක් – මරණ 3ක්

0
23

ඊයේ (මාර්තු 18) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 288 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 657,723 කි.

මේ අතර, මෙරටින් තවත් එක් කොවිඩ් මරණ 3ක් ඊයේ (මාර්තු 18) වාර්තා විය.

ඒ, වයස අවුරුදු 30 ත් 60 ත් අතර එක් පුද්ගලයෙකු සහ 60ට වැඩි පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 16,422ක් දක්වා ඉහළ ගොස් තිබේ.