ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කරන බව IMF කියයි

0
20

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට අදහස් කරන බවට එම අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත්තේ, මෙරට පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීම සඳහා අසාමාන්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් පසු දිවයින දැඩි මුදල් අවප්‍රමාණයකට සහ උද්ධමනයකට මුහුණ දී සිටින බැවින් යැයි මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනක් සම්බන්ධයෙන් මෙරට අධිකාරීන් ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බවට පෙන්වා දී ඇතැයි එහි ප්‍රකාශක ජෙරී රයිස් පවසා ඇති බව ය. 

“අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරය ද සමග ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අපට හොඳ ම සහය දිය හැකි ආකාරය පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කරන්නෙමු.” යනුවෙන් ඔහු වැඩිදුරට ත් සහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පසුගිය දා පැවසීය.