රුසියානු රොකට් ප්‍රහාරයකින් යුක්‍රේනයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් මරුට

0
30

යුක්‍රේනයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ඔක්සානා ෂ්වෙට්ස් (Oksana Shvets) රුසියාව විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යුක්‍රේනයේ Young Theater ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කියෙව්හි මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

67 හැවිරිදි ඔක්සානා යුක්‍රේනයේ කලාකරුවෙකුට පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන ‘යුක්‍රේනයේ ගෞරවණීය කලාකරු (Honored Artist of Ukraine) සම්මානයෙන් ද පිදුම් ලබා තිබිණි.