නොබෙල් සාම ත්‍යාගය සඳහා යුක්‍රේන ජනපතිගේ නම යෝජනා කිරීමේ උත්සහයක්

0
36

2022 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි නම් කරන ලෙස ඉල්ලීමක් කරමින් වත්මන් සහ හිටපු යුරෝපීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු නෝර්වීජියානු නොබෙල් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, නොබෙල් සාම ත්‍යාගය සඳහා 2022 නාම යෝජනා පටිපාටිය නැවත විවෘත කරන ලෙස එම දේශපාලකයින් කමිටුවෙන් ඉල්ලා ඇති බව ය.

මේ සම්බන්ධයෙන් සලකා බලා නොබෙල් සාම ත්‍යාගය සඳහා වන නාම යෝජනා පටිපාටිය මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ යුක්‍රේනයේ ජනතාව වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කිරීම සඳහා 2022 මාර්තු 31 දක්වා නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කිරීමේ ක්‍රියා පටිපාටිය දීර්ඝ කරන ලෙස ඉල්ලා පසුගිය මාර්තු 11 වන දා යුරෝපා දේශපාලනයින් නොවේජියන් නොබෙල් කමිටුව වෙත ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම නාම යෝජනා භාර ගැනීම පසුගිය ජනවාරි 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

නොබෙල් සාම ත්‍යාගලාභීන් තෝරා ගැනීමේ වගකීම හිමි වන්නේ, නෝර්වීජියානු නොබෙල් කමිටුවට ය.

නොබෙල් කමිටුව නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ කෙටි ලැයිස්තුවෙන් (Short List) ඔක්තෝබර් මස මුලදී බහුතර ඡන්දයෙන් තෝරා ගන්නා අතර එහි තීරණය අවසාන සහ අභියාචනයකින් තොරව ය. 

නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ නම් පසුව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ඔවුන්ට දෙසැම්බර් මාසයේදී ත්‍යාගය ලැබේ.

නොබෙල් සාම ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 10 වන දා නෝර්වේහි ඔස්ලෝ නුවරදී පැවැත්වේ.

නොබෙල් සාම ත්‍යාග කමිටුවට අනුව, 2022 සඳහා නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා 343 ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් 251 පුද්ගලයින් වන අතර 92ක් සංවිධාන වේ.