ජල ටැංකියකට වැටී පුද්ගලයෙක් මරුට

0
20

වැලිමඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක ජල ටැංකියකට වැටී එම හෝටලයේ සේවය කළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වැලිමඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශන අනුව ඊයේ (මාර්තු 17) සවස් කාලයේදී මෙම පුද්ගලයා මෙම ටැංකිය තුළට වැටී ඇතැයි හෙළිව තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු 24 හැවිරිදි අඹගස්දොව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව ය.

මෙම මිය ගොස් ඇති පුද්ගලයා දීර්ඝ කාලීනව මීමැස්මොර රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (මාර්තු 18) සිදු කිරීමට නියමිත ය.

වැලිමඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.