ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ත් පාරට බසී

0
26

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් අද (මාර්තු 18) පෙරවරුවේ කොළඹ ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ විය.

මෙම විරෝධතා රැලිය මේ වන විට කොළඹ කොටුව ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් තිබෙන අතර ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිව තිබේ.

මෙම විරෝධතා පා ගමන ඊයේ (මාර්තු 17) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එළඹෙන මාර්තු 23 නුගේගොඩදී සහ මාර්තු 29 වන දින පොළොන්නරුවේදී ද සිදු කිරීමට නියමිත ය.