2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයට

0
28

පුවටෝ රිකෝහි පැවති 70 වන ලෝක රූ රැජිණ තරගාවලියේ 2021 වසරේ ශූරතාව පෝලන්ත ජාතික කැරොලිනා බිලව්ස්කා හිමි කරගෙන තිබේ.

මෙම තරගාවලියේ පළමු අනුශූරිය බවට අමෙරිකානු ජාතික ශ්‍රී සයිනි පත් වී ඇති අතර දෙවන අනුශූරිය අයිවරි කෝස්ට්හි ඔලිවියා යැසි සමත්ව ඇති බව ලෝක රූ රැජිණ සංවිධානය දැනුම් දී ඇත.

ලෝක රූ රැජිණ වූ කැරොලිනා මේ වන විට කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින අතර ආචාර්ය උපාධියක් සමග ඇයගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට කැමැත්තෙන් පසුවන්නියකි.

එමෙන් ම නිරූපිකාවක් ලෙස ද කටයුතු කරන ඇය පිහිනීම, ස්කූබා කිමිදීමට, ටෙනිස්, බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන අතර අභිප්‍රේරණ කථිකයෙකු වීමට ද අපේක්ෂා කරන බව ලෝක රූ රැජින සංවිධානයට සඳහන් කර තිබේ.

69 වන ලෝක රූ රැජිණ වූ ටෝනි-ආන් සිං විසින් කැරොලිනාට කිරුළු පැළඳවනු ලැබී ය. 



 
View this post on Instagram
 







 

A post shared by Miss World (@missworld)