විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ඊළඟ කැබිනෙට්ටුවට

0
26

විදුලිය ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (මාර්තු 16) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවැසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ බලය නීතියෙන් තම කොමිසමට හිමි නමුත් මේ වන තෙක් ඒ ගැන කිසිදු දැනුම්දීමක් රජයෙන් කෙරී නැති බව ය.

එහෙත් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ දැමීම අසාධාරණ නැතැයි ද රත්නායක මහතා කීය.

2022 දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ඉන්ධන හා විදුලි ගාස්තු වැඩි කරන්නැයි පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ද 2014න් පසුව මෙතෙක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුව නැති බව ය.