මැදින් පුර පසළොස්වක පොහොය අදයි

0
23

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (මාර්තු 17) දිනට යෙදී ඇත.

බුදුරදුන් 20,000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජු හා සිය ඥාතීන් අමා මහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමේ ගමනාරම්භය සිදුව ඇත්තේ අද වැනි මැදින් පොහෝ දිනයක යැයි ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එහිදී බුදුරාජාණන් වහන්සේ විසින් ඥාතීන්ගේ මානය බිඳහෙළීම සඳහා යමා මහ පෙළහර පෑම වැනි ප්‍රාතිහාර්යයන් සිදු කරනු ලැබ ඇති බව ද ඉතිහාසයේ සඳහන්ව තිබේ.

තව ද, යශෝධරා දේවිය උදෙසා චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි වීම ආදී සුවිශේෂී සිදුවීම් ද මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදු වී ඇත.