මහ බැංකු අධිපතිට ජනපති ඉල්ලා අස් වෙන්න කිව්වා ද?

0
20

මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මහ බැංකුවේ අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව ය.

“කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ඔහු විශාල ශක්තියක් වී වැඩ කටයුතු කර ඇත,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස සමග පැවත්වූ සාකච්ඡාවේදී මූල්‍යමය ගැටලු පිළිබඳව පමණක් සාකච්ඡා කළ අතර එහිදී නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.