මනුෂ්‍ය ඝාතකයින් දෙදෙනෙක් සොයා පොලිස් විමර්ශන

0
16

සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කර දේපල සොරා ගෙන ගොස් තිබේ.

මරණකාරිය වයස අවුරුදු 73ක් වූ මුනිදාස කුමාරතුංග මාවත, මුකලන්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර ඊයේ (මාර්තු 16) උදෑසන කාලයේදී මාලඹේ, තලාහේන ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි කාන්තාවක් ගැට ගසා ඇගේ ස්වාමි පුරුෂයා ඝාතනය කර රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකරු වයස අවුරුදු 80ක් වූ තලාහේන, මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.