උඩරට මැණිකේ දුම්රියෙන් වැටී ඊජිප්තු ජාතික සංචාරකයෙක් ජීවිතක්ෂයට

0
30

Ranjith Rajapaksha-Hatton

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී මියගොස් තිබේ.

පට්ටපොළ පොලිසිය සඳහන් කළේ, මෙම විදේශීකයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (මාර්තු 16) දින රාත්‍රියේ මියගොස් ඇති බව ය.

විදේශිකයා සමග පැමිණි ඔහුගේ මිතුරන් විසින් ප්‍රතිකාර ලබාදීම සඳහා තුවාලකරු කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පට්ටිපොළ පොලිසිය පැවසීය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමැති 32 හැවිරිදි ඊජිප්තු ජාතික සංචාරකයෙකි.

අප වාර්තාකරු සඳහන් කළේ, ජිවිතක්ෂයට පත් වී ඇති ඊජිප්තු ජාතික සංචාරකයා මීට සතියකට පෙර සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිට ඇති බව ය.