2021 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා සහ විශිෂ්ටතම ගුවන් කාන්තාව සම්මානයෙන් පිදුම් ලබයි

0
23

ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සේවය කරනු ලබන ගුවන් යානා සැකිලි ශිල්පි ප්‍රධාන බලලත් නිලධාරී ඊ.එමි.ජි.අයි. දයාපාල 2021 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතම ගුවන් භටයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ, විශිෂ්ටතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව අගැයීමට ලක් කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හුමුදා විශිෂ්ටතා සම්මාන උළෙලේදී ය.‍

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්වීව් උත්සව ශාලාවේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි‍.

මෙහිදී විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස වව්නියාව ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 23 වන රෙජිමේන්තු පක්ෂාංගයට අනුයුක්තව සේවය කරන කෝප්‍රල් එස්.සි.එස්.එම්.කේ. වික්‍රමසිංහ සම්මානයෙන් පිදුම් ලැබීය.

2021 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලී නිපැයුම් සහ නව සොයා ගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ටතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කෙරේ.