නිවසකට ගිනි තැබීමක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

0
68

මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

mawbima.lk කළ විමසීමකදී මාතර පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව තහවුරු කළේ ය. 

ඔහු සඳහන් කළේ මාතර, කැකණදුර ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බව ය.

ඒ අනුව, සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.