ටෙලි නිළියන් විකුණන ජනප්‍රිය පොලිස් නළුවා පොලිසියෙන් සොයයි

0
36

එක්තරා පෞද්ගලික රූපවාහිනියක් ඔස්සේ මේ දිනවල අතිශය ජනප්‍රියව පවතින ටෙලි නාට්‍ය දෙකක රඟපාන ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකු කොටුකර ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

මෙම ටෙලි නළුවා වැඩිහරියක් ම පොලිස් නිලධාරීන්ගේ චරිතවලට පණපොවන අයෙකු බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

ඉකුත් දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, අලුතැපොළ ප්‍රදේශයේ උඩුමහලක පිහිටි ගණිකා නිවාසයක රැඳී සිටි තවත් ටෙලි නිළියක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජනප්‍රිය ටෙලි නළුවා ගැන තොරතුරු හෙළිවේ.

එමෙන් ම, මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුගෙන් ද වලාන දූෂණ මර්දන ඒකකය ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ ටෙලි නාට්‍යවල රඟපෑම සඳහා තෝරාගන්නා ළාබාල නිළියන් මෙම නළුවා විසින් මෙම ස්ථානයට කැඳවා කළමනාකරුගේ ද සහය ඇතුව මුදලට නොයෙකුත් පුද්ගලයන්ට විකුණන බව ය.

අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ ප්‍රහාරක බළඇණිය මෙම වැටලීම සිදුකර ඇතත් නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ හවස්වරුවේ ය. 

පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී විදුලිය විසන්ධිව තිබූ අතර පොලිස් නිලධාරීන් හඳුනාගත් සැකකාර නළුවා අඳුර මැදින් පළා ගොස් තිබිණි.

අලුතැපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ගණිකා නිවාසයට සැකකාර ටෙලිනළුවා විසින් ටෙලි නාට්‍ය නිළියන් ගෙනැවිත් මුදලට ලබා දෙන බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත දින කිහිපයකට කලින් තොරතුරු ලබා දී තිබිණි.

ඒ අනුව, එම නිලධාරීන් මෙම වැටලීම් සිදුකර තිබේ. විදුලිය කපා හරින්න මොහොතකට පෙර තවත් ටෙලි නිළියන් කිහිපදෙනෙකු එම ස්ථානයේ රැඳී සිට ඇති බව ත්, විදුලිය නැති වේලාවන්හිදී ගැනුම්කරුවන් පැමිණීම අඩු බැවින් ඔවුන් ඊට පැයකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය කියයි. එහෙත් සමහර ගැනුම්කරුවන් ඉටිපන්දම් දල්වාගෙන තරුණියන් සමග කාමරවල රැඳි සිටින බව ද කියති.

අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යවල සහාය චරිත රඟපාන ළාබාල නිළියන් මුදලට විකිණීම මඟින් මෙම ටෙලි නළුවා ද මුදල් උපයා ඇති බව කියති.

සමහර තරුණ ළාබාල නිළියන් ටෙලි නාට්‍යවල රඟපෑමට ඇති ආශාව නිසා මෙවැනි ක්‍රියාවලට අකැමැත්තෙන් වුවත් ඉදිරිපත් වන බවත් මෙම නිළියන් මුදලට ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් මාස තුනක කාලයක් තිස්සේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.