ගෑස් බෙදා හැරීම යළි ත් නවතියි

0
30

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් බෙදා හැරීම් අත්හිටුවා ඇති බව එම සමාගම් පවසයි.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය මහතා සිය සමාගම ගෑස් බෙදා හැරීම අත්හිටුවා ඇති බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, මේ වන විට නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් ගෑස් තම සමාගම සතුව නොමැති බව ය.

පසුගිය දා මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් සහිත නෞකාවක් පැමිණ තිබුණු අතර එම නෞකාවේ අඩංගු ගෑස් නිදහස් කර ගැනීමෙන් අනතුරුව බෙදා හැරීම් ආරම්භ විය.

මේ වන විට ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.