ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරග දෙකෙන් ම පරාජයට පත්වුව ද, ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු ස්ථාන 3කින් ඉදිරියට පැමිණ සිටින අතර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 5 වන ස්ථානය හිමි කරගෙන සිටී.
ඒ, ඉන්දියාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 107ක් රැස් කිරීම ත් සමග ය.
ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය ඔස්ට්‍රේලියාවේ මානස් ලබුෂේන්ට හිමි වී තිබේ.
එම ලැයිස්තුවේ පළමු පස් දෙනා අතර සිටින එක ම ආසියානු ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න ය.
1. මානස් ලබුෂේන් (ඔස්ට්‍රේලියාව)
2. ජෝ රූට් (එංගලන්තය)
3. ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
4. කේන් විලියම්සන් (නවසීලන්තය)
5. දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)